Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

ඊයේ දිනයේ (24) ප්‍රදේශ කිහිපයකට ඇදිරි නීතිය තාවකාලිකව ඉවත් කර නැවත පස්වරු 2කට පනවනු ලැබුවා.

රජය විසින් ජනතාවට දැනුම් දුන්නේ තමන්ට අවශ්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩ පස්වරු 2කට පෙර රැගෙන නිවෙස් වලට යන ලෙසයි.

ඊයේ දිනයේ Citizen අපද වාර්තා කළා ජනතාව දිගු පෝලිම් වල සිටින ආකාරය.

නමුත් අපට දැකගන්නට ලැබුනේ ඇතැම් ස්ථාන වල 2න් පසුවද භාණ්ඩ අලෙවිකරණ ආකාරයයි.

ඊයේ දිනයේ වගේම මේ දින කිහිපයේ අතවශ්‍ය සේවා ක්‍රියාත්මක වනවා.

එහි සේවය කරන පිරිස් හට පස්වරු 2ට පෙර තමන්ට අවශ්‍ය අතවශ්‍ය භාණ්ඩ ගැනම සඳහා පැමිණීමට නොහැකිය.

විශේෂයෙන්ම වෛද්‍ය සේවයේ නිරතවන වෛද්‍යවරුන්ට.

ඊයේ වැලිගම රෝහලේ OPD අංශයේ සේවය කරන වෛද්‍ය උත්පලා සමරවීර තමන්ගේ සේවය අවසන් කර ඉන් පසුව වැලිගම ස.තො.ස ට ගියේ තමන්ගේ ගෙදරට අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනම සඳහායි.

ඇය එම ස්ථානයට යන විට පස්වරු 2කට අසන්න වී සිටියා.

ඇය වෛද්‍ය වරියක් බව පැවසුවත් ඇයට ඇතුළු වීමට ඉඩ ලබාදී නැහැ.

ඇය තම සමාජ ජාල ගිණුමේ මේ සම්බන්දයෙන් සටහන් කර තිබුනේ මෙලෙසින්.

"වැලිගම රෝහලේ OPD එකේ වැඩ අවසන් වුයේ දහවල් 1.30 ට පමනවන අතර , අත්‍යාවශ්‍ය ආහාර ස්වල්පයක් ගැනීමට වැලිගම ස.තො.ස ට යද්දි 2 ට මිනිත්තු 5කි.ඇතුලේ බඩු ගන්න ආපු මිනිස්සු.

ස.තො.සේ දොර ලඟ සිටි සේවක මහතාට " මම වැලිගම රෝහලේ වෛද්‍යවරියක් බවත් , ලෙඩ්ඩු පිරී සිටි නිසා එන්න ප්‍රමාද වුන බවත්, බඩු ටිකත් ගන්න අවශ්‍ය බවත් " පැවසුවත් , " එලියට යන්න...එලියට යන්න...අපි දැන් බඩු දීලා ඉවරයි " කියා දොර තදින් වසා දැමුවෙිය.

මගේ සිතේ ඇතිවුනේ මහා කලකිරිමකි.

උදේ 6 සිට සවස 4 දක්වා කාලය තුලදී අත්‍යාවශ්‍ය සේවයේ යෙදි සිටින අපිට 2 ට පෙර ආහාර ද්‍රව්‍ය ගැනීමට පිටතට යා නොහැක.

අනිත් අතට අවම පහසුකම් යටතේ මෙවන් නොමිනිසුන් වෙනුවෙන් ජිවිත කැප කර සේවය කරන්නේ ඇයිද කියා අද මට සිතුනා"


මිට වඩා අප මානුෂිය විය යුතු වනවා.

මෙවැනි සිදුවීම් කොපමණ සිදුවන්නට ඇද්ද ? මේ එක් උදාහරණයක් පමණයි.

ඔවුන් සේවය කරන්නේ අප වෙනුවෙනි. එවැනි මිනිසුන්ට මීට වඩා අප මානුෂිය විය යුතු නොවේද ?



Recent Stories