Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

කොරෝනා වෛරසය මේ වනවිට ඉතාලියට දැඩි බලපෑමක් එල්ල කර අවසන්.

මරණ ගණනද දිනෙන් දින වැඩිවෙමින් පවතිනවා.

ඒ අතරට ශ්‍රී ලාංකිකයෙකුද ඇතුලත් වී තිබෙන බවයි ඉතාලියේ තානාපති ආරංචි මාර්ග පවසන්නේ.

මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ මෙසීනා නගරයේ විසූ 70 හැවිරිදි ලාංකිකයෙක්.

කොරෝනා වෛරසය ආසාදනය වු මෙම ලාංකිකයා මෙසීනා නගරයේ පිහිටි ක්‍රිස්ටෝ රේ නැමැති සාත්තු නිවාසයේ ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා (24) එම සාත්තු නිවාසයේ දී මරණයට පත් වී තිබෙනවා.

ඒ අනුව කොරෝනා වලට ගොදුරුව ප්‍රතිකාර ලබමින් සිටියදී මරණයට පත් වූ මුල්ම ලාංකිකයා ඔහු යැයිද එම ඉතාලි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

වෛරසය හේතුවෙන් එම ලාංකිකයාට දැඩි ශ්වසන අපහසුතා පෙන්වීමත් සමඟ ඉතාලි වෛද්‍යවරුන් ඔහුව හදිසි ප්‍රතිකාර සදහා ⁣වෙනත් රෝහලකට මාරු කිරීමට නියමිත සිටියදී මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

citizen මේ සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ගැන විමසීමක් කළ අතර ඔහු පැවසූයේ මෙම තොරතුරු තහවුරු කර ගැනීමට කටයුතු කරමින් සිටින බවයි .

Recent Stories