Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

කොරෝනා වෛරසය අසාදිත යැයි සැක සහිත රෝගින් රෝහලට පැමිණි විට ඔවුන් සමීපයට නොයා ආරක්ෂිතව පරික්ෂා කිරීමේ ක්‍රමවේදයක් පානදුර මුලීක රොහලේ වෛද්‍යවරුන් ඇතුළු කාර්යය මණ්ඩලය විසින් හදුන්වා දී තිබෙනවා.

ඒ සැක සහිත රෝගින් රෝහලට පැමිණි විට ඔවුන් තනිව ආරක්ෂිත කුටියක රඳවා නව තාක්ෂණය ඔස්සේ ඩිජිටල් කැමරාවක් උපයෝගි කර ගනිමින් පරික්ෂා කිරීමේ ක්‍රමවේදයයි.

කොරෝනා වෛරසය ලොව පුරා සීඝ්‍ර‍යෙන් ව්‍යාප්තවීම නිසා එම රෝගීන් සඳහා ප්‍රතිකාර කීරිමෙහි නිරත වෛද්‍යවරුන් සහ කාර්යය මණ්ඩල වෙතද වෙරසය අසාදනයවීමේ වතාවරණයක් උද්ගත වී තිබෙනවා.

එයට පිළියමක් ලෙස රොහලේ වෛද්‍යවරුන් ඇතුළු කාර්යය මණ්ඩලය විසින් මෙය ක්‍රියාත්මක කර තිබේ.

මෙම ක්‍රමවේදය ඔස්සේ සැක සහිත රෝගින් රෝහලට පැමිණි විට ඔවුන් තනිව ආරක්ෂිත විදුරු කුටියක් තුළ රඳවා වෛද්‍යවරුන් වෙනත් ස්ථානයක රැදී සිටිමින් රෝගියා පරික්ෂා කිරීම සිදුවනවා.

ඒ සඳහා වයිෆයි තාක්ෂණයෙන්  සම්බන්ධ කරන ලද කැමරාවක් උපයෝගි කරගනු ලබන අතර රෝගියාගේ රෝග ලක්ෂණ සහ තොරතුරු විමසීමෙන් පසු වෛද්‍ය උපදෙස් නියම කරනු ලබන්නේ මෙම ක්‍රමවේදය හරහායි.

කොරෝනා අසාදිත යැයි සැක සහිත රෝගින් පැමිණි විට ඔවුනට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය විශේෂිත ඇදුම් කට්ටල, හිස් ආවරණ, මුඛ ආවරණ සහ අත් වැසුම් වැනි ආරක්ෂිත උපකරණ පානදුර මූලික රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු කාර්යය මණ්ඩලය විසින් නිපදවනු ලබන්නේද එම රෝහලේම ස්ථාන 05කදි.

Recent Stories