Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

දෙවරක් සිතන්න පාරිභෝගිකයා පොළඹවන සිඩ්නි සුපිරි වෙළඳසැල.

කොරෝනා වෛරසය නිසා මේ දිනවල වෙළඳසැල් වල ඇති භාණ්ඩ වලට දැඩි ඉල්ලුමක් ඇති වෙලා තියෙනවා.

ඒ විතරක් නෙවෙයි, බොහෝ පාරිභෝගිකයෝ අනිසි ලෙස භාණ්ඩ මිලදී ගන්නා නිසා, අත්‍යාවශ්‍ය භාණ්ඩ පවා පාරිභෝගිකයන් ට සම සේ පරිභෝජනය කරන්න සීමා පැනවිලා.

මේ තත්ත්වය මැඩ පවත්වන්න රාජ්‍ය යාන්ත්‍රණ වගේම වෙළඳසැල් හිමියන් විවිධ උපක්‍රම භාවිතා කරන ආකාරය දැක ගන්න පුළුවන් වුණා.

නමුත්, ඒ සියලු ක්‍රමවේදයන් ට වඩා, වඩාත් සාර්ථක ක්‍රමයක් පිළිබඳව ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සුපිරි වෙළඳසැලකින් අහන්න ලැබුණා.

Redfern Convenience Store ඔවුන්ගේ ටොයිලට් පේපර් රෝලක මිල ඩොලර් 3.50 ක් ලෙසත්, ටොයිලට් පේපර් රෝල් දෙකක් ඩොලර් 99 ක් ලෙසත් මිල සටහන් කර තිබුණා.

ඒ නිසා, භාණ්ඩ මිලදී ගැනීමක් කරන්න කලින් පාරිභෝගිකයා ට දෙවරක් සිතන්න වෙනවා තමන්ට අවශ්‍ය ප්‍රමාණය පිළිබඳව.

මේ උපක්‍රමය, උද්ගතව ඇති අර්බුදකාරී තත්ත්වය හමුවේ, අත්‍යාවශ්‍ය භාණ්‌ඩ සඳහා සම පරිභෝජන අයිතීන් තහවුරු කරන්න පුළුවන් කදිම උපක්‍රමයක් බවත් එරට පාරිභෝගිකයින් මේ සඳහා වැඩි කැමැත්තක් දක්වන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

ඩෙන්මාර්කයේ සුපිරි වෙළඳසැලක මෙම සංකල්පය මුල් වරට හඳුන්වා දී තිබෙනවා. අත් පිරිසුදු කරන බෝතලයක් ඩොලර් 8 ත් බෝතල් දෙකක් ඩොලර් 212 ත් අලෙවි කරන්න ඔවුන් කටයුතු කර තිබීම අන් රටවල් මේ සඳහා පොළඹවා ගන්න සමත් වෙලා තියෙනවා.

විශේෂඥයන් පෙන්වා දුන්නේ මේ ක්‍රමවේදය වඩාත් සාර්ථක ක්‍රමවේදයක් බවයි.

විදෙස් මාධ්‍ය ඇසුරෙන්.

සටහන - tharaka samman 

Recent Stories