Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

නිල වශයෙන් සහතික කර ඇති ප්‍රමාණයට වඩා 10 ගුණයකින් යුත් පිරිසකට කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවට ඉතාලිය ප්‍රකාශ කර සිටිනවා.

ඉතාලියේ සිවිල් ආරක්ෂක ඒජන්සියේ ප්‍රධානි  Angelo Borrelli මේ බව සඳහන් කර සිටියේ එරට පුවත් පතක් සමග සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින්ය.

" මේ වන විට ඉතාලියෙන් කොරෝනා වෛරසය ආසාධිත රෝගීන් සංඛ්‍යාව 63,967 ක් වනවා. නමුත් මෙම සංඛ්‍යාව මෙන් 10 ගුණයකට එනම් ලක්ෂ 06 කට ආසන්න පිරිසකට කොරෝනා වෛරසය ආසාධනය වී ඇතැයි කියලා" සිවිල් ආරක්ෂක ඒජන්සියේ ප්‍රධානි  Angelo Borrelli සඳහන් කර සිටිනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ සංඛ්‍යාලේඛනවලට අනුව, මාර්තු 22 වන විට ඉතාලියේ මරණ අනුපාතය 9% කට වඩා වැඩි බව තහවුරු වී ඇත.

පසුගිය දින දෙක තුලදී ඉතාලියේ වාර්තා වන රෝගීන් සහ මරණ සංඛ්‍යාව පෙර දිනවලට සාපේක්ෂව අඩුවීමක් පෙන්නුම් කළද එහි සැබෑ ස්වරූපය මැන බැලීමට තවත් දින කිහිපයක් ගත වනු ඇති බවයි ඉතාලි සිවිල් ආරක්ෂක ඒජන්සිය සඳහන් කර සිටින්නේ.



Recent Stories