Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් 8 දෙනෙකුට කොරෝනා රෝගය ආසාදනය වී ඇති බවට විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරනවා. 

ඔවුන් මේ වනවිටත් රෝහල් ගතවී ප්‍රතිකාර ලබන අතර ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි වාර්තා වන්නේ. 

මේ අතර කොරෝනා වෛරසය වැළඳී ඇති බවට සැක එරට සිටින ශ්‍රී ලාංකිකයින් 50 කට ආසන්න පිරිසක් මේ වනවිට සෞඛ්‍ය බලධාරීන් යටතේ නිරීක්ෂණ මට්ටමේ සිටින බවත් එම අමාත්‍යංශය පවසනවා.

ඉතාලියේ පසුගිය පැය 24 තුල කොරෝනා මරණ 602ක් වාර්තා වූ අතර එය මෙතෙක් එන්න එන්නම වැඩිවෙමින් පැවතුනු මරණ සංඛ්‍යාව දෙවන දිනටත් අඩුවීමක් වශයෙන් එරට බලධාරීන් පෙන්වා දෙනවා. 

කෙසේ නමුත් මේ වනවිට කොරෝනා වෛරසය හේතුවෙන් ඉතාලියේ මියගිය පිරිස 6077ක්.

Recent Stories