Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් ප්‍රවෘත්ති සාකච්ඡාවක සහභාගී වෙමින් සඳහන් කර සිටියේ කොරෝනා වසංගතය වේගවත් වන බැවින් දැඩි පියවර ගන්නා ලෙසයි.

ආසාදිතයින් 100,000 දක්වා වැඩි වීම⁣ට දින 67 ක් ගත වූ බවත් දෙවන 100,000 සඳහා දින 11 ක් ගත වූ බවත් පැවසූ අධ්‍යක්ෂවරයා තුන්වන ආසාදන 100 000 වාර්තා වීමට ගියේ දින හතරක් පමණක් බවත් ඔහු එහිදී පෙන්වා දී තිබෙනවා.

 "අපි අසරණ වෙච්ච නරඹන්නන් නොවේ. අපට මෙම වසංගතයේ ගමන් මාර්ගය වෙනස් කළ හැකියි" ඔහු එහිදී සඳහන් කළා.

ජී 20 ලෝක නායකයින්ගෙන් ඔහු ඉල්ලා සිටින්නේ සෞඛ්‍ය සේවකයින් ආරක්ෂා කිරීම සඳහා ආරක්ෂිත ආම්පන්න නිෂ්පාදනය ඉහළ දමන ලෙසයි.

මුලාශ්‍ර - විදෙස් මාධ්‍ය

Recent Stories