Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

ඉරාන වැසියන්ගේ ජීව විද්‍යාත්මක දත්ත උපයෝගි කර ගනිමින් ඉරානය ඉලක්ක කර ඇමෙරිකාව විසින් කොරෝනා(කොවිඩ්19) වෛරසය නිපදවූ බවට ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි පවසනවා.

ඉරානේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි වැඩිදුරටත්  සඳහන් කරන්නේ ඉරානය තුළ කොරෝනා වෛරසය මැඩ පැවැත්වීමට අමෙරිකාව විසින් ලබා‍ දෙන වෛද්‍ය සහය සහ ඖෂධ ප්‍රතික්ෂේප කරන බවයි.

එම ‍ඖෂධ සහ වෛද්‍ය සේවාද කොරෝනා වෛරසය ඉරානය තුළ වැඩි වැඩියෙන් ව්‍යාප්ත කිරීමේ අරමුණින් සකසා ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.

එමෙන්ම එසේ තම රට තුළ  අමෙරිකානු වෛද්‍ය සේවා ඇතුළු වීමෙන් අමෙරිකාව අපේක්ෂා කරන්නේ කො‍රෝනා වෛරසය ඉරාන වැසියන්ට බලාපන්නේ කෙසේද යන්න සොයා බැලීමටද විය හැකි බවත් ඔහු පවසනවා.

අල් ජසීරා රූපවාහිනිය මේ බව වාර්තා කර කළා.

Recent Stories