Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

යාපනය ප්‍රදේශයෙන් එක් කොරෝනා වෛරසය වැළදුණු රෝගියෙක් වාර්තා වූ බව උතුරු පළාත් ආණ්ඩුකාරවරිය වන පී.එස්.එම්. චාර්ල්ස් සඳහන් කර සිටිනවා.

මෙලෙස කොරෝනා වෛරසය වැලදී ඇත්තේ ඉකුත් ඉරිදා පැවති දේව  මෙහෙය වූ දේවගැතිවරයා සමග සිටි පුද්ගලයෙක්ට බවයි උතුරු පළාත් ආණ්ඩුකාරවරිය ප්‍රකාශ කර සිටියේ.

ඉකුත් ඉරිදා යාපනය, අරියාල ප්‍රදේශයේ පිහිටි දේවස්ථානයක පැවති ආගමික වැඩසටහනකට සහභාගිව සිටි විදෙස් දේවගැතිවරයෙකුට  කොරෝනා වෛරසය වැළදී ඇති බව හෙළි වූණා.

මෙම දේවස්ථානයේ ආගමික උත්සවයට සහභාගිවූ පුද්ගලයින් 126 දෙනෙක් මේ වන විට හඳුනාගෙන ඇති අතර ඔවුන් මේ වන විට ස්වයං නිරෝධායනයට ලක් කර ඇති බවයි උතුරු පළාත් ආණ්ඩුකාරවරිය සඳහන් කලේ.

මේ අතර වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කලේ මේ වන විට මෙරටින් කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් 80  දෙනෙක් ප්‍රතිකාර ලබන බවයි .

Recent Stories