Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka


දිනවල කොරෝනා වෛරසය ශ්‍රී ලංකාව පුරා පැතිරී යන නිසා එය වැළක්වීමේ අරමුණින් ශ්‍රී ලංකා රජය මේ වනවිට මුළු දිවයිනටම බල පැවැත්වෙන පරිදි ඇදිරි නිතිය ක්‍රියාත්මක කර තිබෙනවා. එම නිසාවෙන් යම් කිසි තරමකට ජනතාවට බලපෑමක් එල්ලවී තිබෙනවා. බොහෝ අය ඔවුන්ට හැකි පමණින් අත්‍යවශ්‍ය භාණ්ඩ තම නිවෙස් වලට ගෙන ගියා. නමුත් තවත් කොටසක් කර කියා ගත නොහැකිව බලා සිටියේ ඔවුන්ට වෙන කරන්නට දෙයක් නැති නිසාවෙනි.





මනුෂ්‍යත්වය අතහැර තිබෙන සමාජයක එවැනි පිරිසකට සරණක් වන්නට ඉදිරිපත්වූ පුද්ගලයෙක් ගැන සමාජ මාධ්‍ය බොහෝ කතා බහට ලක්වනවා. ඒ අන් කවරෙකුවත් නොව රුහුණු මහා කතරගම දේවාලයේ වැඩබලන බස්නායක නිළමේ තැන්පත් දිල්රුවන් රාජපක්ෂ මහතායි.ඒ කතරගම පුදබිමට පැමිණෙන බැතිමතුන් ලබාදෙන දෙයකින් කුසගිනි නිවාගන්නා පිරිසකට මේ දින කිහිපයේ කෑම වේල් තුනම ඔවුන්ට ලබා දෙමින්. මනුෂ්‍යත්වය අතහැර තමන් ගැන පමණක් සිතනා සමාජයට මෙය හොද ආදර්ශයක් වේවි.