Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

මේ වන විට ශ්‍රී ලංකාව පුරා කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම  ආරම්භ කර තිබෙනවා.

 එම නිසා ශ්‍රී ලංකාව තුළ මේ වනවිට ඇඳිරි නීතිය ක්‍රියාත්මක වනවා.

එවැනි මොහොතක මහජනතාව ගැවසෙන ස්ථාන බලධාරීන් විසින් මේ වන විට ජීවානුහරණය කරනු ලබනවා.

ඒ නැවත ඇඳිරි  නීතිය ඉවත් කළ පසු මහජනතාව වෙනුවෙන් එම ස්ථාන විවෘත වීම නිසා වෙන්.


එසේ එය සිදුවෙමින් පවතිද්දී මිනිසුන් ජීවානුහරනය කිරීම සඳහා කුටියක් නිර්මාණය කර තිබෙනවා.


මෙම කුටිය නිර්මාණය කර ඇත්තේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහා නගර සභාවේ නගරාධිපති නීතිඥ මධුර විතානගේ ඇතුළු පිරිසක් විසින් .


එම නිර්මාණකරුවන්ගේ  අදහස වී ඇත්තේ ඉදිරියේදී සෑම ආයතනයකටම මෙම ජීවානුහරණ කුටිය ලබා දීමටයි.


මේ ජීවානුහරණ කුටිය නිර්මාණය කර ඇත්තේ දැනට සෞඛ්‍ය අංශ නිර්දේශිත වතුර මිශ්‍ර ඇල්කොහොල් සාන්ද්‍රනයක් මගින්.


මෙම කුටිය තුළ තත්පර 10 ක් සිටීම ප්‍රමාණවත්


ඇස් දෙක වසාගෙන තත්පර 10 ක් ඒ තුළ සිටීමෙන් පසුව නැවතත් එම කුටියෙන් පිටතට පැමිණෙන විට ඇගේ දැවටුණ ඇල්කොහොල් මිශ්‍රණ වතුර සාන්ද්‍රනය වාෂ්ප වනවා.  


මේ එය නිර්මාණය කරන අතරතුර ගත්  ඡායාරූප කීපයක්


(ඡායා රූප මුල් හිමිකරු සතුයි)