Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

මේ දිනවල කොරෝනා වෛරසය ලෝකයේ බොහෝ රටවල වගේම ශ්‍රී ලංකාව තුළත් පැතිරී ගොස් අවසන්.

මේ මොහොත වනවිට ශ්‍රී ලංකාවෙන් හමු වූ කොරෝනා රෝගීන් ගණන 50ක්.

මේ ප්‍රමාණය යම් ආකාරයකින් අප සිතා බැලිය යුතු කාලයක්.

මේ වෛරසය අප රටේ පැතිරීම වලක්වා ගැනීම සඳහා විවිධ වූ දේවල් අපට හැකි අයුරින් සමාජයට කළ යුතුයි.

රෝගය වැළදුණු කෙනෙකු ස්පර්ශ කළ ස්ථානයක් නිරෝගී පුද්ගලයෙක් ස්පර්ශ කිරීමෙන් එම පුද්ගලයාට කොරෝනා වෛරසය වැළදීමට තිබෙන ඉඩ වැඩි.

වෛද්‍ය උපදෙස් අනුව සෑම විටම අත් සේදිය යුතුයි.

නගර වල අප යනවිට මේ උපදෙස් පිළිපැදීමට නොහැකි.

මෙයට අනුරාධපුර නගරයේ තරුණයෙකු අපුර්ව නිර්මාණයක් කළ තිබෙනවා.

දෑතින් ජල කරාමය නොඅල්ලා ජලය ලබා ගැනීමේ ක්‍රමයක්.

මේවනවිට ඔහු අනුරාධපුර නගරයේ ජනතාවට දෑත් සේදීම සදහා එම උපකරණය සහිත ස්ථාන පහක් අනුරධපුර නගරය අවට සකස්කර තිබෙනවා.

මේ ඔබට පහතින් පෙනෙන්නේ එහි ඡායාරූප කිහිපයක්.




ඔහු නමින් නයන අඩස්සූරිය.


මනුස්සකම - හැකියාව Citizen අප සෑම විටම අගය කරන්නෙමු.


Recent Stories