Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

මී විත පිරුණා,සුරංගනාවී මගේ ,ස්වීටී මැණික ,වස්සානේ හීනේ,හිත හිරිවැටුණාදෝ, විසේකාරී ,කොහේ යන්නද මා ,දෙනුවන් පියා , මට හීනයක් වෙලා මේ ගීත ගැන කියනකොටම මතක් වෙන්නේ ඔබේ හදවතේ රචකයා.

ඒ සම්පත් ප්‍රනාන්දුපුල්ලේ.

වසර 17ක සිට ඔහු ඔබේ හදවතේ සියුම් තැන් ස්පර්ශ කරමින් ,පදවැල් වලට විවිධ රසයන් එකතු කරමින් ගීත රචනා කර ඔබ වෙතට ඉදිරිපත් කළා

කෙසේවෙතත් ඔහු ඔහුගේ ගමනේ දිශානතිය වෙනස් කිරීමටයි මේ සැරසෙන්නේ.

ඒ ගායකයෙක් ලෙස.

නීල නුවන් / දිව්‍ය අංගනාවී Mashup ගීතය අද ( 13 ) හවස 5 ට ඔහුගේ සහ Rude Bwoy ගේ හඩින් ඔබ වෙත ඒමට නියමිතයි

තනුව සහ සංගීතය චතුරංග ද සිල්වාගෙන් වන අතර මෙහි ගී පද රචනය ද සම්පත් ප්‍රනාන්දුපුල්ලේගේ වීම විශේෂත්වයක්

මෙම අළුත්ම ගීතය නිකුත්වු සැනින් එසැනින් දැනගැනීම සඳහා ඔහුගේ YouTube චැනලය Subscribe කර Bell සලකුණ Click කරන්න.

ඉතින් අද සිට ඔබේ හදවතේ රචකයා ඔබේ හදවතේ ගායකයා වනු නොඅනුමානයි.


Recent Stories