Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග යුරෝපයේ රටවල් 26කට මාසයක කාලයක් සඳහා සංචාරක තහනමක් පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙනවා.

ධවල මන්දිරයේ පිහිටි සිය කාර්යාලයේ සිට විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අමෙරිකානු ජනාධිපතිවරයා කියා සිටියේ මෙම තහනම සිකුරාදා මධ්‍යම රාත්‍රියේ සිට බලපවත්නා බවයි. එමෙන්ම මෙම තහනම බ්‍රිතාන්‍යට බල නොපාන බවටද ඔහු ප්‍රකාශ කර සිටියා.

කොරෝනා වෛරසය විදෙස් රටකින් පැමිණි වෛරසයක් බවට හැදින්වීමට ජනාධිපති ට්‍රම්ප් සිය කතාවේදී අමතක කලේ නැහැ.

ආර්ථික වශයෙන් සහන රැසක් ලබා දීමට යෝජනා ඉදිරිපත් කර ඇති බවටද මෙහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියා.

මේ අතර අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් සිය පුරවැසියන්ට ලොව පුරා සංචාරය කිරිමේදී කල්පනාකාරී වන්නැයි දැනුම් දෙමින් උපදේශාත්මක නිවේදනයක් නිකුත් කර සිටිනවා.

අමෙරිකාව තුල කොරෝනා වෛරසයට ගොදුරුවූ පුද්ගලයින් 1267 ක් සහ මරණ 38ක් වාර්තා වනවා.

Recent Stories