Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය ඇමැතිනි නඩිනි ඩොරිස්  (Nadine Dorries) කොරෝනා වෛරස ආසාදානයට ලක්වී ඇති බව ප්‍රකාශයට පත් වීමත් සමඟ එරට අගමැති බොරිස් ජොන්සන් (Boris Johnson) ද කොරෝනාවෛරස පරීක්ෂාවට ලක්විය යුතු බවට බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරු ප්‍රකාශ නිකුත් කරමින් සිටිනවා.

රෝගයට ගොදුරු වී ඇති බව ප්‍රකාශවීමට දින කිහිපයකට පෙර සෞඛ්‍ය ඇමැතිනිය අගමැතිවරයාගේ නිවසේ භෝජන සංග්‍රහයකට සහභාගීවීම මීට හේතු වී තිබෙනවා.

මේ වන විට සෞඛ්‍ය ඇමැතිනි ඩොරිස් නිරෝධායනයට ලක්ව සිටින්නීය. ඇය ආසාදිත බව ඉකුත් සිකුරාදා ප්‍රකාශයට පත්විය. බ්‍රහස්පතින්දා රෝගී වූ ඇය ඉකුත් බදාදා රාත්‍රියේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අමතා කතා කළ අතර අනෙකුත් දේශපාලනඥයන් සමඟ තේ පානය කළාය.

62 හැවිරිදි වියේ පසුවන ඩොරිස් මේ වනවිට සුව අතට හැරෙමින් සිටිය ද තම නිවෙසේ තමා සමඟ ජීවත්වන 84 හැවිරිදි මව ගැන කනස්සල්ලෙන් පසුවන බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

Recent Stories