Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

මහා කළුවරයි අඳුරුයි මේ තුන් හිතම
වෑහෙන කඳුළු කැට මහමෙරයි නුබේ නමට
හිත හැදුවේ මමයි
දුක හිතුනේ මටයි
තුන්තිස් පැයම….

මේ දිනවල බොහෝ දෙනාගේ නෙත් සිත් ඇඳ බැඳ ගත් ගීතයක් තමයි මහා කළුවරයි කියන්නේ.කොච්චර ආදරය කලත් සමහර වෙලාවට අපේ ජීවිතෙන් ආදරය යන්නේ පැල දොරෙන්.ඒ වෙලාවට විරහව කියන්නේ දරාගන්න බැරි දෙයක් වුණත් විරහව කියන්නෙත් රහක්.හැබැයි හැම ආදර කතාවක්ම එකම වගේ නැහැ.මොන විදිහට ආදරය අපෙන් ඈත් වුණත් සමහර වෙලාවට ඒ ආදරයම දවසක් අපිව හොයාගෙන ඇවිත් අපේ ජීවිතය ලස්සන කරන්නත් පුළුවන්.ඉතින් මේ තරම් ලස්සන ගීතයේ පද ගැලපුවේ කවුද කියලා බොහෝ දෙනා සෙව්වා

ඉතින් මේ ගීතයේ පද රචනය කරලා තියෙන්නේ ඔබ අප කවුරුත් හඳුණන ප්‍රවීන ක්‍රීඩා මාධ්‍යවේදී වින්දන ප්‍රසාද් කරුණාරත්න මහතා.

ගීතය ගයනා කරන්නේ නව පරපුරේ නැඟී එන ගායන ශිල්පිනියක් වන ටශ්නි පෙරේරායි.

ගීතයේ සංගීතවත් කරලා තියෙන්නේ ජනප්‍රිය සහ ප්‍රවීන සංගීත අධ්‍යක්ෂක තිලින රුහුණගේ.ඒ වගේම ගීතයේ රූප රචනය සහ අධ්‍යක්ෂණය කර ඇත්තේ දොන් මාධව කරුණානායක.



Recent Stories