Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

2020 කාන්තා ලෝක කුසලාන තරඟාවලියේ අවසන් මහා තරඟය අද(8) අවසන් වුණා.

ඒ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගනයේ.

කාසියේ වාසිය ජයග්‍රහණය කල ඕස්ට්‍රේලියාව පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ අනුව නියමිත පන්දුවාර විස්ස අවසානයේ ඕස්ට්‍රේලියා කණ්ඩායම කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 184ක් රැස්කර ගත්තා.

අගනා ආරම්භයක් ඕස්ට්‍රේලියා කණ්ඩායමට ලබා ගත්තේ Alyssa Healy සහ Beth Mooney දෙදෙනායි. ඒ දෙදෙනා අතර ලකුණු 114ක සම්බන්ධතාවයක් ගොඩ නගා ගනිමින්.

Alyssa Healy - පන්දු 39කට ලකුණු 75ක් රැස්කර ගත්තා.

Beth Mooney  - නොදැවී පන්දු 54කට ක්‍රීඩා කරමින් ලකුණු 78ක් ලබා ගත්තා.

ඒ අනුව ලකුණු 185ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ඉන්දීය ආරම්භ පිත්කරුවන් යුගලය ලබා ගත හැකි වුයේ ලකුණු 2ක් පමණයි.

එකින් එක ඉන්දීය කඩුලු බිද වැටුනේ ලෝක කුසලාන සිහිනය බිද දමමිනි.

ඒ අනුව ඉන්දීය කණ්ඩායමට ලබා ගත හැකි වුයේ සියලු දෙනා දැවී ලකුණු 99ක් පමණයි.



Recent Stories