Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

ලංකාවේ ජාතික ක්‍රීඩාව වොලිබෝල්.

එත් ලංකාවේ තරුණයෝ බොහෝ දෙනෙක් කැමති ක්‍රිකට් වලට.

අද වන විට කුඩා මහලු බේදයක් නොමැතිව ක්‍රිකට් වලට හදවතින්ම ආදරය කරන පිරිසක් ශ්‍රී ලංකාව තුල ඉන්නවා.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අද තියන තත්ත්වය ගැන එතරම්ම සතුටක් ක්‍රීඩා ලෝලීන් අතර නැහැ.

එක එක ක්‍රීඩකයන්ට විවිධාකාරයේ දොස් නගනවා.

එහෙම වෙන එක හරිද ?

තරඟයක් බලන්න ගියත් , ක්‍රීඩකයෙක්ට පන්දු රකින්න බාධා කරමින් එක එක දේවල් ඔහුට ඇහෙන්න කියනවා.

ඔබ සිතන්න ඔබ අසාර්ථක වන කාලයක ක්‍රීඩා ලෝලීන් එසේ ඔබට දොස් නැගුවොත් ?

පසුගියදා ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරග දෙකකින් යුත් විස්සයි විස්ස තරඟාවලියේ අවසන්  තරඟය පැවැත්වුණා.

එහිදී පන්දු රකිමින් සිටි කුසල් මෙන්ඩිස්ට ඒ අසල සිටි ක්‍රීඩා ලෝලීන් පිරිසක් විවිධ ආකාරයේ ප්‍රකාශ කරමින් අපහසුතාවයට පත් කළා.

එම දර්ශන කිහිපයක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා.

එම වීඩියෝව පහතින්.




ඔබ ඇත්තටම ක්‍රිකට් වලට ආදරය කරනවානම් එසේ සිදු නොකරන්න.

මක් නිසාද යත් අප මෙවැනි අවස්ථාවක කල යුත්තේ මෙය නොවෙයි.

අප කණ්ඩායමත් සමඟ සිටිය යුතුයි.

ඔවුන්ට ශක්තියක් විය යුතු නිසාවෙනි.


Recent Stories