Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

කාන්තා ලෝක කුසලාන T20 ක්‍රිකට් තරගාවලියේදී දැක්වූ දස්කම් හේතුවෙන් ලෝක විස්සයි විස්ස පිතිකාරිනියන්ගේ ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ 14 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තුට හැකිව තිබෙනවා.

ඒ අනුව මෙම තරගාවලියේදී වැඩිම ලකුණු ලබා ගත් පිතිකාරිනියන් අතර සිවුවැනි ස්ථානයේ පසුවන චමරි අතපත්තු ජාත්‍යන්තර කාන්තා විස්සයි විස්ස  පිතිකාරිනියන්ගේ ශ්‍රේණිගත කිරීම් සටහනේ 18 වැනි ස්ථානයේ සිට 14 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබීම කැපීපෙනේ. ඇයට හිමිව ඇති ශ්‍රේණිගත ලකුණු සංඛ්‍යාව 598කි.

තවද මෙම තරගාවලියේදී දැක්වූ දක්ෂතා හේතුවෙන් ලෝක T20 තරඟවල තුන් ඉරියව් ක්‍රීඩිකාවන්ගේ ශ්‍රේණිගත කිරීම් සටහනේ 9 වැනි ස්ථානය චමරිට හිමිව ඇති අතර තම අවසන් ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියට සහභාගි වූ ශෂිකලා සිරිවර්ධනට තුන් ඉරියව් ක්‍රීඩිකාවන් අතර 8 වැනි ස්ථානය හිමිව තිබීම සතුටට කරුණක්.

Recent Stories