Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන විස්සයි විස්ස තරඟාවලියේ පළමු තරඟය අද(4)  පල්ලෙකැලේ ජාත්‍යන්තර කී‍්‍රඩාංගණයේදී පැවැත් වුණා.

කාසිය වාසිය දිනා ගත් කොදෙව් නායක කිරන් පොලාඩ් පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

ඒ අනුව පිටියට පිවිසි කොදෙව් ආරම්භක පිතිකරුවන් ඉතා හොද වේගවත් ආරම්භයක් ලබා ගත්තා.

එම සම්බන්ධතාවය බිද දැමුවේ ලක්ෂාන් සඳකැන් විසින්.

ඔහුගේ නියමිත පන්දුවාර 4 තුලදී ලකුණු 38කට එක් කඩුල්ලක් දවා ගත්තා.

ඉන් 106/2 බිද වැටී තිබු මොහොතක Andre Russell පිටියට පැමිණ වේගවත් ඉනිමක් ගොඩනැගුවේ කොදෙව් කණ්ඩායම ඉහළ ලකුණු ප්‍රමාණයකට ගෙන යමින්.

රසල් පන්දු 14කට පමණක් මුහුණ දෙමින් ලකුණු 35 ලබා ගත්තා.

Lendl Simmons - 67(51)


Kieron Pollard - 34(15)

ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4 පමණක් දැවී ලකුණු 196ක් රැස්කර ගත්තා.

ලකුණු 197ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ආරම්භ පිතිකරුවන්ට සාර්ථක වන්නට කොදෙව් පන්දු යවන්නන් ඉඩ ලබාදුන්නේ නැහැ.

පළමු කඩුලු කිහිපය ඉතා අඩු ලකුණු ගණනකට කඩා වැටෙද්දී කුසල් ජනිත් පෙරේරා සහ වනිදු හසරංග එක්ව වැටී තිබු ශ්‍රී ලංකා ඉනිම ගොඩගනු ලැබුවා.

නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී ලබාගත හැකි වුයේ ලකුණු 171ක් පමණයි.

Recent Stories