Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන විස්සයි විස්ස තරඟාවලියේ පළමු තරඟය අද(4) රාති‍්‍ර 7 ට පල්ලෙකැලේ ජාත්‍යන්තර කී‍්‍රඩාංගණයේදී ආරම්භවීමට නියමිතයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ලසිත් මාලිංගටත් කොදෙව් කණඩායමේ නායකත්වය කිරන් පොලාඩ්ටත් හිමිව තිබෙනවා.

2018 වසරේ සිට ලසිත් මාලිංග නායකත්වය දී ශ්‍රී ලංකා කණ්ඩායම තරඟ 12 සහභාගී වී ඇති අතර එයින් ජය ගෙන තිබෙන්නේ 1ක් තරඟයක් පමණයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ දන්ජය ද සිල්වාට සහ නුවන් ප්‍රදීප්ට විස්සයි විස්ස තරගාවලිය අහිමි වී තිබෙනවා. ඒ ආබාධයන් වලට ලක් වීම හේතුවෙන්.

නුවන් ප්‍රදීප් වෙනුවට අද තරගයට කැදවා තිබෙන්නේ අසිත ප්‍රනාන්දුයි.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ එක්දින තරඟාවලියට එක නොවූ  ප‍්‍රබල කී‍්‍රඩකයින් වන ලෙන්ඞ්ලි සිමන්ස්, ශිම්රෝන් හෙට්මයර්, ඇන්ඩෙ‍්‍ර රසල් සහ ඞ්වේන් බ‍්‍රාවෝ අද තරගයට එක් කර තිබෙනවා.

එපමණක් නොව අද කොදෙව් නායක කිරන් පොලාඩ් හට මෙම තරඟය විශේෂිත වනවා. ඒ ඔහු අද ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වන්නේ ඔහුගේ 500වන විස්සයි විස්ස තරඟයටයි.

එය ලෝක වාර්තාවක් වන්නේ තරඟ 500 ක්‍රීඩා කල ලොව පළමු ක්‍රීඩකයා වීමෙන්.

ශ්‍රී ලංකා කණ්ඩායම ඉතා හොද මානසික මට්ටමකින් මෙම තරඟයට අවතීර්ණ වන්නේ එක් දින තරඟාවලියේ ජයග්‍රහණය හේතුවෙන්.

Recent Stories