Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

බිංගිරිය ශ්‍රී සරණංකර ජාතික පාසල හා පඩුවස්නුවර එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක ජාතික පාසල අතර පැවැත්වෙන තුන්වන හරිත - සුලෝහිත සංග්‍රාමය මහා ක්‍රිකට් තරඟය 2020 මාර්තු මස 07 වන සෙනසුරාදා බිංගිරිය ජාතික පාසල් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට බිංගිරිය ජාතික පාසල් ආදි ශිෂ්‍ය සංගමය මඟින් කටයුතු සංවිධානය කර තිබේ.

පළමුවන හරිත සුලෝහිත සංග්‍රාමය මහා ක්‍රිකට් තරඟය 2018 මැයි මස 19 වැනි සෙනසුරාදා බිංගිරිය ජාතික පාසල් ක්‍රීඩාංගනයේදී පැවති අතර, බිංගිරිය ජාතික පාසල් ක්‍රිකට් කණ්ඩායම තියුණු ජයක් හිමි කර ගනිමින් එහිදී ජයග්‍රාහී කණ්ඩායම බවට පත්විය.

ඒ අනුව පඩුවස්නුවර ජාතික පාසල හා බිංගිරිය ජාතික පාසල අතර ආරම්භ කෙරුණ හරිත සුලෝහිත සංග්‍රාමය මහා ක්‍රිකට් තරඟයේ මංගල තරඟයේ ජය බිංගිරිය ශ්‍රී සරණංකර ජාතික පාසලට හිමි විය.

මෙහිදී කැපී පෙණුන දක්ෂතා පෙන්වූ බිංගිරිය ජාතික පාසල් ක්‍රීඩක ඩිල්ෂාන් කුමාර පන්දුවට පහර දීමෙන් ලකුණු 106ක් ලබා ගත් අතර, තරඟයේ වීරයා බවටද පත්විය.

දෙවන තරඟය 2019 පඩුවස්නුවර එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක ජාතික පාසල් ක්‍රීඩාංගනයේදී පැවත්වූ අතර, එම තරඟයෙන් පහසු ජයක් පඩුවස්නුවර ජාතික පාසල් ක්‍රිකට් කණ්ඩායම ලබා ගත්තේය.

ඒ අනුව මෙවර පැවැත්වෙන්නේ විද්‍යාල දෙක අතර තුන්වන හරිත - සුලෝහිත මහා ක්‍රිකට් තරඟය වන අතර, කණ්ඩායම් දෙකම තරඟ එක බැගින් ජයග්‍රහණය කර තිබීම විශේෂත්වයකි.

බිංගිරිය ශ්‍රී සරණංකර ජාතික පාසල් ක්‍රිකට් කණ්ඩායම

කවිඳු සත්සත (කඩුළු රකින ක්‍රීඩක)
ඕලිත නෙරංජන්
එන්සිළු අරුනෝද
මලීෂ දෙව්මිණ
තරුෂ නවෝද්
මලිත් රදීෂාන්
රමේෂ් ධනංජය
ඉමාල් තරුෂ
සදීෂ තක්ෂිද
නඳුන් මල්ෂ
රුමේෂ් නිර් මාල්
ඉදිරිපෙළ වමේ සිට
මතීෂ දේමින්ද
කවිඳු ධනංජය
දිනාප් ගයාංජල ( උප නායක)
දිල්ෂාන් ප්‍රදීප් කුමාර (නායක)
ආර්.කේ.සී. රන්දෙණිය (ප්‍රධාන පුහුණුකරු)
එච්.එම්. අජිත් චන්ද්‍රකුමාර (විදුහල්පති)
මධුෂාන් ප්‍රනාන්දු (ක්‍රිකට් විෂය භාර ආචාර් ය)
එච්.පී. ප්‍රමෝද නුපුණ (සහාය පුහුණුකරු)
මිනෝත් සත්සර
කවීෂ චමෝද්



Recent Stories