Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

පසුගියදා පැවති එක්දින තරඟයෙන් පසු ධනංජය සිල්වා ආබාධයට ලක් වුණා.

ඒ අනුව එළඹෙන කොදෙව්වන් සමඟ පැවැත්වීමට නියමිත විස්සයි විස්ස තරඟ  ඔහුට අහිමි වනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු අසන්ත ද මේල් පවසන ආකාරයට ධනංජය ද සිල්වාගේ තත්ත්වය එතරම් බරපතල නොවන බවයි සඳහන්.

එළැඹෙන 19 වැනිදා එංගලන්තය සමඟ ආරම්භ වන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව පවතින බවත් සඳහන්.

කෙසේ වෙතත් ධනංජයගේ අතේ ටික දවසක ඉඳන් පොඩි ගෙඩියක් තිබී ඇති බවත් ඒක තියාගෙන ඔහු ක්‍රීඩා කළත් යම් අවස්ථාවන්වලදී පන්දුවට පහර දෙනකොට එතනින් වේදනාවක් හටගෙන ඇති බවත් කොදෙව් තරගයේදීත් එය එලෙසම තිබු බවයි දැනගන්නට ලැබෙන්නේ.

මේ සම්බන්දයෙන් අදහස් දැක්වූ  අසන්ත ද මේල් "ඉදිරියට එන එංගලන්ත සංචාරයෙදි ඔහු ගැන අවධානමක් ගන්න අපිට බැහැ. ඒ නිසා වෛද්‍යවරුන් කිව්වේ ඒ වෙනුවෙන් කළ යුතු ශල්‍යකර්මය ඉක්මනින්ම කරගන්න කියලා. ඒ නිසා අපි ඔහුට ඒ ශල්‍යකර්මය කරගන්න අවස්ථාව ලබා දුන්නා”

Recent Stories