Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර තුන්වන සහ අවසන් එක්දින තරගය ඊයේ(1) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අවසන් වුණා.

එම තරඟය ජයග්‍රහණය කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරගාවලියේ ජයග්‍රහණය තමන් සතු කර ගත්තා.

විශේෂයෙන්ම එම තරගයේ කැපී පෙනෙනම අවසන් පන්දුවාරය යැවු ඇන්ජලෝ මැතිව්ස් ගැන බොහෝ දෙනා කතා බහ කරන්නට පටන් අරගෙන.

තරග අවසානයේ පැවැත්වෙන මාධ්‍ය  සාකච්ඡාව සඳහා ඇන්ජලෝ මැතිව්ස්  සහභාගී වෙමින්  සඳහන් කර සිටියේ තමන්ගේ පන්දුවාර 10 යැවීමට හැකි වීම සතුටට කරුණක් බවයි.

වැඩිදුරටත් අදහස් දැක් වූ ඇන්ජලෝ මැතිව්ස්.

"ඇග බස්සගෙන දැන් ටිකක් පන්දු යවන්න පටන් ගත්තා. නමුත් ප්‍රථමයෙන් කියන්නට ඕන පිතිකරුවෙක් හැටියට ඉතාමත් අසාර්ථක වෙච්ච තරගාවලියක්.

පළමු තරගයේ ජයග්‍රහණයෙන් පසුව තමයි අපිට ආත්ම ශක්තියක් ආවේ අනිත් තරග දෙක ජයග්‍රහණය කරන්න.

වනිඳු හසරංග අරන් දුන්න  turning point එක තමයි අපිට තරග තුනම ජය ගන්න හැකි වුණේ"

Recent Stories