Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

ගම්පහ දිස්ත්‍රික්කයේ අඩවි වන නිලධාරිනියක් ලෙස කටයුතු කරන දේවානි ජයතිලකට ස්ථාන මාරුවීමක් ලබාදීමේ සුදානමක් ඇති බව හිටපු පරිසර රාජ්‍ය ඇමති අජිත් මාන්නප්පෙරුම සඳහන් කර සිටිනවා.

රාජ්‍ය අමාත්‍යවරයෙක් ඉදිරියේ නොබියව සිය රාජකාරිය සිදුකළ එම නිලධාරිනියට ස්ථාන මාරුවීමක් ලබා දෙන ලෙස දන්වා අදාළ අංශ වෙත දේශපාලන බලපෑම් එල්ල වෙමින් ඇති බවයි අජිත් මාන්නප්පෙරුම මන්ත්‍රිවරයා කියා සිටියේ.

මන්ත්‍රිවරයා මේ අදහස් ප්‍රකාශ කලේ ඊයේ පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින්ය.

මීගමුව කලපු සංවර්ධන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් වූ සාකච්ඡාවක දී කඩොලාන පරිසර පද්ධතිය රැක ගැනීම වෙනුවෙන් ඇමති සනත් නිශාන්ත සමඟ ඇති වූ සංවාදය හේතුවෙන් දේවානි ජයතිලක සමාජය තුල ඉමහත් ප්‍රසිද්ධියට පත් වුණා.

Recent Stories