Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

බදුල්ල හාලිඇල විද්‍යා විද්‍යාලයේ සිසුන් සිව් දෙනෙකු ගෝමරන්කඩවල මැදවච්චිය වැවේ දිය නාමින් සිටියදි (19) දින සවස දියේ ගිලී මිය යෑමේ සිද්ධිය සම්බන්දයෙන් පුර්ණ පරීක්ෂණයක් පවත්වා කරුණු වාර්තා කරන ලෙසට ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සන්ධ්‍යා අඹන්වල මහත්මිය පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක ආර්.එම්.පී රත්නායක මහතාට නියෝග කර තිබේ.

පාසලේ 10 වසරේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් 86 දෙනෙකු ත්‍රිකුණාමලය ප්‍රදේශයේ දින දෙකක සංචාරයක නිරතව සිටියදි අනතුර සිදුව තිබේ.

මිය ගිය සිසුන් සිව්දෙනාගේ හදිසි මරණ පරීක්ෂණයේදි ඉදිරිපත්වු සාක්කි මත ගමනට සහභාගි වු ගුරුවරුන්ගේ නොසලකිල්ල අනතුරට හේතු වු බවට හදිසි මරණ පරීක්ෂක ඒ.එස්.එම් රෑම් මහතා නිගමනය කර මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමටද නියමිතය.

Recent Stories