Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

තමන් ඉදිරි මහ මැතිවරණය සඳහා නව ලංකා නිදහස් පෙරමුණ නමින් නව පෙරමුණක් පිහිටුවන බව කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම ප්‍රකාශ කර සිටිනවා.

වර්ථමානයේ පිහිටුවා ඇති ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයට එක්වීමට අකමැත්තෙන් පසුවන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ බොහෝ පිරිස් සිටින බවත් ඔවුන්ට ඉදිරි මහ මැතිවරණයට තරග කිරිමේ අරමුණින් මෙම නව පෙරමුණ පිහිටුවන බවයි කුමාර වෙල්ගම මන්ත්‍රිවරයා කියා සිටියේ.

" මම මේ ගැන මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට කතා කරලා නව පෙරමුණ පිහිටුවන්න අවශ්‍ය සියලු වැඩ කටයුතු කරලා අවසන්. අන්තිම මොහොතේදී මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මගේ කකුලෙන් ඇද්දොත් ඒකට අවශ්‍ය ක්‍රියා මාර්ග මම අරගෙන ඉන්නේ. පෙරමුණ පිහිටුවන්න බැරි වුනොත් ආණ්ඩුවට විරුද්ධ දේශපාලන බලවේග එකතු කරගෙන මැතිවරණයට ඉදිරිපත් වෙන්න මේ වෙනකොටත් පිළිගත් දේශපාලන පක්ෂයක් දැනමත් සුදානම් කර ගෙන තියෙන්නේ. ඒ පක්ෂයේ නම මම දැන්ම හෙළි කරන්නේ නැහැ" කුමාර වෙල්ගම මන්ත්‍රිවරයා කියා සිටියා.


Recent Stories