Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

මුතුරාජවෙල අභයභූමියට මායිම්ව මීගමුව කළපුව අසල , සීදුව ප්‍රදේශයේ  ඊයේ ඇති වූ ගින්නෙන්  කඩොලාන වලට හානියක් සිදුවී නොමැති බව බස්නාහිර පළාත් පාලන කොමසාරිස්  කසුන් සෙනෙවිරත්න පවසනවා.




අද පෙරවරුවේ එම ප්‍රදේශය නිරික්ෂණය කිරිමේන් අනතුරුව Citizen වෙත ඔහු මේ බව සඳහන් කළා.

( Video - සීදුවේ ගින්නේ සමීප දර්ශන)



" ඊයේ දහවල් සීදුව නගර සභාව කුණු බැහැර කරන මෙම ස්ථානයේ ගින්නක් ඇතිවු බවට වාර්තා වුණා . පළාත් ආණ්ඩුකාර  සීතා අරඹේපොල මහත්මියගෙන් උපදෙස් මත අපි වහාම ක්‍රියාත්මක වෙලා ගින්න මුතුරාජවෙල අභයභූමියට  පැතිරිම වැලැක්වුවා. ඊට ගුවන් හමුදාව අපිට විශාල සහයක් දුන්නා. කසුන් සෙනෙවිරත්න එහිදි වැඩිදුරටත් සදහන් කලා.

ගිනි ගත්තේ මුතුරාජවෙල අභයභූමිය ද ?


ගුවනින් ගත් මෙම ඡායාරූප උපුටා දක්වමින් සමාජ මාධ්‍ය වල සදහන් වුයේ ගින්නේන් මුතුරාජවෙල අභයභූමියේ ඇති කඩොලාන විනාශ වී ඇති බවයි.

කේසේ වෙතත් Citizen  කළ විමසිමකදි  සීදුව නගර සභාවේ  උප සභාපති චමිත් නිශාන්ත එම කරුණු ප්‍රතික්ෂේප කළා.

" මෙම ස්ථානයට 1991 වසරේ සිට කුණු බැහැර කරනවා. පසුගිය ආණ්ඩුව සමයේ 99 අවුරුදු බදු පදනම මත මේ ඉඩම් කොටස පෞද්ගලික ආයතනයකට ලබා දුන්නා . නමුත් අපි දැන් ඉල්ලලා තියෙනවා ඒ ගිවිසුම අහෝසි කරලා මේ ඉඩම් කොටස නගරසභාවේ පාලනයට ලබා දෙන්න කියලා . මේ ස්ථානයේ  කඩොලන ශාක නැහැ . මුතුරාජවෙල අභයභූමියටත් අයිති නැහැ .මුතුරාජවෙල  අභයභූමිය පටන් ගන්නේ මෙතනින් මීටර් 200 -  500 ත් අතර ප්‍රමාණයකට එහායින්"

ගින්න ඇති වුණේ කෙසේද?

කෙසේ වෙතත් මෙම ගින්න ඇතිවු ආකාරය පිලිබදව මෙතෙක් නිශ්චිත හේතුවක් ප්‍රකාශ කළ නොහැකි බවත්, ඒ සම්බන්ධයේන් පරික්ෂණ අරඹා ඇති බවත් බස්නාහිර පළාත් පාලන කොමසාරිස්  කසුන් සෙනෙවිරත්න සදහන් කළා.