Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් හී මුස්ලිම් දේවස්ථානයකට එල්ල කළ ආකාරයේ ත්‍රස්ත ප්‍රහාර මාලාවක් සඳහා සැලසුම් සකස් කළ අන්ත දක්ෂිනාංශික කණ්ඩායමකට සම්බන්ධ පුද්ගලයින් 12 දෙනෙක් ජර්මනියේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය සිකුරාදා ජර්මනියේ ස්ථාන රැසක එරට ත්‍රස්ත විමර්ශන ඒකකයන් සහ බුද්ධි අංශ සාමාජිකයින් එක්ව සිදුකළ මෙහෙයුමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර සිටියේ.

අන්ත දක්ෂිනාංශික කණ්ඩායමකට සම්බන්ධ පුද්ගලයින් 12 දෙනා ජර්මනියේ පිහිටි ඉස්ලාමිය දේවස්ථාන ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කිරිමේ සැලැස්ම සම්බන්ධයෙන් කල් තියා ලද තොරතුරු හේතුවෙන් සිදුවන්නට ගිය විශාල විනාශයක් වලක්වා ගැනීමට හැකිවූ බවයි ජර්මන් බලධාරින් සඳහන් කර සිටියේ.


Recent Stories