Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

ඩෙනිස් සුළි කුණාටුවට හසුවූ " හොල්මන් නෞකාවක්" අයර්ලන්ත වෙරළට ගොඩ ගසා තිබෙනවා.

ටැන්සානියා ධජයට අයත් වන Alta නම් මෙම නෞකාවේ සිටි නැවියන්ව 10 දෙනාව 2018 වර්ෂයේ දී ඔක්තෝම්බර් මාසයේදී අමෙරිකානු වෙරළාරක්ෂක බලකාය විසින් බේරා ගනු ලැබුවා. ඒ බර්මියුඩාවට සැතපුම් 1300ක් ගිනිකොණ දිගින් වූ මුහුදේදීය.

ඒ මෙම නෞකාවේ විදුලි ජනන යන්ත්‍ර වල හටගත් දෝෂයක් හේතුවෙන්.

මෙම නෞකාව ගොඩබිමක් කරා රැගෙන යාමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එහි හිමිකරුට අවස්ථා කිහිපයකදී දැනුම් දෙනු ලැබුවත් ඒ සම්බන්ධයෙන් ඔහුගෙන් යහපත් ප්‍රතිචාරයක් හිමිනොවූ තැන එය මිනිස් පාලනයකින් තොරව මුහුදේ පාවෙමින් තිබුණා.

ඒ හේතුවෙන් මෙම නෞකාවට " හොල්මන් නෞකාව" ලෙස හඳුන්වනු ලබනවා.

අවසන් වතාවට මෙම නෞකාව බටහිර අප්‍රිකානු මුහුදු සීමාවේ පාවෙමින් තිබියදී අනෙක් නෞකාවන් විසින් වාර්තා කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

ඉන් පසුව මෙම නෞකාව ස්පාඤ්ඤය පසු කොට එංගලන්තයේ බටහිර වෙරළ තිරය පසුකොට අයර්ලන්ත වෙරළ තිරයට ගොඩ ගසා ඇති බව සඳහන්.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අයර්ලන්තයේ Ballycotton ජීවිතාරක්ෂක ඒකකයේ ප්‍රධානි John Tattan සඳහන් කර සිටියේ මෙවැනි ආකාරයේ නෞකාවක් මෙතරම් කාලයක් මුහුදේ පාවෙමින් වෙරළකට පැමිණීම අදහාගත නොහැකි කරුණක් බවයි.






Recent Stories