Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

මාර්තු මස 02 වෙනිදා පාර්ලිමේන්තුව විසුරුවා හරින්නේ නම් අප්‍රේල් මස 25 හෝ 28 අතර කාලයේදී මහ මැතිවරණය පැවැත්වීමට හැකි බව මැතිවරණ කොමිසන් සභාව විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිඛිතව දන්වා යවා ඇති බව වාර්තා වනවා.

ජනාධිපති ලේකම් ආචාර්ය පී.බි. ජයසුන්දර විසින් මැතිවරණ කොමිසන් සභාව වෙත ලිපියක් යොමු කරනු ලැබුවා. ඒ මහ මැතිවරණය පැවැත්වීමේ දින කාල වකවානු ගැන විමසමින්.

නියමිත කාලයට පෙර, එනම් මාර්තු මාසයේදී පාර්ලිමේන්තුව විසුරුවා හරින්නේ නම් ඊට අදාළ ගැසට් නිවේදනයේ මහ මැතිවරණය උදෙසා නාම යෝජනා කැඳවනු ලබන දිනය, මැතිවරණය පවත්වන දිනය සහ අභිනව පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම පවත්වනු ලබන දිනය සම්බන්ධයෙන් වන දින වකවානු ඇතුලත් කළ යුතු වනවා.

ඒ අනුව ජනාධිපති ලේකම්වරයා එවූ ලිපියට පිළිතුරු යවමින් මැතිවරණ කොමිසන් සභාව දැනුම් දී ඇත්තේ පාර්ලිමේන්තුව මාර්තු 2 වැනිදා විසුරුවා හරින්නේ නම් නාම යෝජනා කැඳවීම මාර්තු 11 වැනිදා සිට 17 වැනිදා දක්වා කාලසීමාව තුළ සිදුකළ යුතු බවයි. ඒ අනුව, අභිනව පාර්ලිමේන්තුව රැස්වන දිනය මැයි 12 වැනිදා වනු ඇතැයිද වාර්තා වේ.


Recent Stories