Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසය බැබළවූ පන්දු යවන්නන් අතරින් චමින්ද වාස්ට නොමැකෙන නාම‍යක් හිමි වනවා.

අති දක්ෂ වේග පන්දු යවන්නෙක් වූ වාස් තවමත් නොබිඳි ලෝක වාර්තාවකට හිමිකම් කියනවා.

2003 වසරේ පෙබරවාරි 14 දින බංගලාදේශය සමග පැවති ක්‍රිකට් තරඟයේ පළමු ඕවරයේ පළමු පන්දු තුනෙන් කඩුළු ත්‍රිත්වයක් දවා ගනිමින් ලෝක වාර්තාවක් තැබුවා.

වාස් එම දස්කම දැක්වූයේ 2003 ලෝක ක්‍රිකට් කුසලානය අතරදී වීම විශේෂත්වයක්.

වාස් ගේ මෙම ලෝක වාර්තාව බිඳ හෙලන්නට මෙතෙක් ලොව කිසිඳු පන්දු යවන්නෙක් සමත් වී නැහැ.

චමින්ද වාස්ගේ මේ නොබිඳි ලෝක වාර්තාවට ඊයේ දවසට වසර 17ක් සපිරෙනවා.