Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

පසුගිය 2019 සැත්තැම්බර් මාසයේ බහමාස් රටට සුළි කුණාටුවක් කඩා වැදුනේ විශාල හානියක් වගේම ජිවිත දහස් ගණනක් බිලි ගනිමිනි.

ඒ වගේම බහමාස් රටේ අවට තිබෙන විදේශ සංචාරකයින්ගේ ආකර්ෂණ දිනාගත් කොරල් පර වලින් සියයට 30 ක් පමණ විනාශයට පත් කළ බව පෙරී සමුද්‍ර විද්‍යා ආයතනය විසින් නිකුත් කළ වාර්තාවක දැක්වෙනවා.

මෙම සුළි කුණාටුව නම්කර තිබුනේ "ඩෝරියන්" ලෙසයි.

පෙරී සමුද්‍ර විද්‍යා ආයතනයේ ප්‍රධාන පර්යේෂක ක්‍රේග් ඩෝල්ග්‍රන් පවසන්නේ ගල්පර කිහිපයක කොරල් සැලකිය යුතු ප්‍රමාණයක් කැඩී, පතුලේ පෙරළී ගල්පරයේ සැබෑ ව්‍යුහය සුන්බුන් බවට පත් වී ඇති බවයි.