Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

News@citizen.lk
Tel: 0112810532

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2020 පෙබරවාරි 14 වන දින මාදගල් මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ප්‍රවාහනය කරමින් තිබූ රත්‍රං තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත.

මාදගල් මුහුදු ප්‍රදේශයේ මුර සංචාරයේ යෙදුනු ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් ඩිංගි යාත්‍රාවක් මගින් සැක සහිත ධීවර යාත්‍රාවක් නිරීක්‍ෂණය කර එය වැඩිදුර පරීක්‍ෂා කිරීමට සූදානම් වූ අවස්ථාවේ අදාල සැක සහිත ඩිංගි යාත්‍රාව අණනොතකා යාත්‍රා කර ඇත. ඒ අනුව, නාවික හමුදා යාත්‍රාව මගින් එම සැක සහිත යාත්‍රව පසුපස හබා ගොස් එම යාත්‍රාව සහ එහි සිටි සැකකරුවන් දෙදෙනෙක් නාවික හමුදා බාරයට ගන්නා ලදි. එහිදි සැකකරුවන් විසින් එලෙස පලා යාමට උත්සහ කිරීමේදී රත්‍රං පාර්සලයක් මුහුදට දැමූ බවට ප්‍රකාශ කර සිටි අතර, නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක් විසින් අදාල රත්‍රං පාර්සලය පසුව කළ සොදිසි මෙහෙයුමකදී සොයා ගන්නා ලදි.

එලෙස සොයා ගන්නා ලද පාර්සලය තුළ රත්‍රං කිලෝ 14 ග්‍රෑම් 35 ක ප්‍රමාණයක් තිබී ඇති අතර, නාවික හමුදා භාරයට ගන්නා ලද සැකකරුවන් 27 වන වියෙහි පසුවන එම ප්‍රදේශයේම පදිංචිකරුවන් බව වැඩිදුරටත් තහවුරු කරගන්නා ලදි. ඒ අනුව ඉදිරි විමර්ශන කටයුතු සඳහා නාවික හමුදා භාරයට ගන්නා ලද රත්‍රං කිලෝ 14 ග්‍රෑම් 35 ක ප්‍රමාණය, සැකකරුවන් දෙදෙනා සහ ඩිංගි යාත්‍රාව කන්කසන්තුරය රේගු කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදි.




Recent Stories