Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

ඊයේ(15) හයිට් රාජයේ ළමා නිවාසයක ගින්නක් හටගෙන තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ ළමා ඒජන්සිය වන යුනිසෙෆ්හි ළමා ආරක්ෂණ ප්‍රධානී හා හයිටියේ ප්‍රධානී ජෙනිෆර් මෙල්ටන් පැවසුවේ පෝර්ට් ප්‍රින්ස්හි බයිබල් අවබෝධය පිළිබඳ පල්ලියේ අනාථ නිවාසයේ මෙම ගින්න හටගෙන ඇති බවයි.

අවම වශයෙන් ළමුන් 15ස් දෙනෙකුවත් මිය යන්නට ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

හයිටියේ ජනාධිපති ජොවැනෙල් මොයිස් ඊයේ(15) ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ මෙම මරණ හේතුවෙන් තමා දැඩි සේ කම්පාවට පත්ව ඇති බවත් ගින්න ඇතිවීමට හේතුව තීරණය කිරීම සඳහා “හදිසි පියවර” ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් දුන් බවයි.