Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

News@citizen.lk
Tel: 0112810532

කෝවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාධනයවීමෙන් චීනයේ සිදුවූ පුද්ගල මරණ සංඛ්‍යාව 1523 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ දිනයෙන් පමණක් චීනයෙන් මරණ 143 ක් වාර්තා වූ බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. සමස්ථ ආසාධිතයින්ගේ සංඛ්‍යාව වාර්තා වන්නේ 67,100 ක්.

අප්‍රිකානු කලාපයේ පළමු නව කොරෝනා ආසාධිතයා ඊජිප්තුවෙන් හමුවී තිබෙනවා. එරට විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේ ඔහු විදේශිකයෙකු වන බවයි. කෙසේවෙතත් ඔහුගේ අනන්‍යතාව මෙතෙක් හෙළිකර නොමැත.

බීජිං අගනුවරට ඇතුළුවන සියලූ දෙනා දින 14 ක නිරෝධායන ක්‍රියාවලියකට ඉදිරිපත් විය යුතු බව චීනය පවසනවා.

රට තුළ තවදුරටත් පැතිර යන කෝවිඞ් 19 හෙවත්, නව කොරෝනා වෛරසය හේතුවෙන් චීන රජය මෙම තීරණය ගෙන ඇති බවයි එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේ.

ඒ අනුව නව අවුරුදු නිවාඩුවට පිටතට ගොස් සිටියේ නම් යළි අගනුවරට පැමිණීමේදී ස්වයං නිරෝධායන ක්‍රියාවලියකට හෝ නිරෝධායන කටයුතු සිදුකරන මධ්‍යස්ථානයක් වෙත යොමු වන ලෙසයි බලධාරීන් ඉල්ලීමක් කර ඇත්තේ.


Recent Stories