Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

කල්මුනේ මහ නගර බල සීමාව තුල පිහිටා තිබු සායින්දමර්දු ප්‍රදේශය ඉන් ඉවත් කොට එය වෙනම නගර සභාවක් ලෙස නම් කරමින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයට අනුව කල්මුනේ මහ නගර සභාවේ සීමා වෙනස් කිරිමේ අරමුණින් යුතුව සහ නව පළාත් පාලන ආයතනයක් පිහිටුවීම සඳහා 2022 මාර්තු මස 19 වෙනිදා සිට විසුරුවා හැරිමට නියමිතව ඇත.

ඒ අනුව 2022 වර්ෂයේ මාර්තු මස 20 වෙනිදා සිට සිට බලපැවැත්වෙන පරිදි සායින්දමර්දු නගර සභාව ලෙස එය බලාත්මක වන බවට එම අතිවිශේෂ ගැසට් නිවේදනයේ සඳහන්.

ඉකුත් ජනාධිපතිවරණ සමයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයාගේ ජයග්‍රහණය උදෙසා පැවති රැස්වීමකදී හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති වුවහොත් සායින්දමර්දු ප්‍රදේශය නගර සභාවක් කරන බවයි.