Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

ජාතික වැටුප් ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතික වැටුප් කොමිෂන් සභාවක් ස්ථාපිත කර තිබෙනවා.

ඊට අදාළ ගැසට් නිවේදනය අද මධ්‍යම රාත්‍රියේ නිකුත් කිරීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර සිටියේ.

ජාතික වැටුප් ප්‍රතිපත්තියක් සම්පාදනය සහ ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපතිවරයා කොමිෂන් සභාව ස්ථාපිත කර තිබෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වැනි වගන්තියට අනුව ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරවයි.

මෙම නව කොමිෂන් සභාව ස්ථාපිත කිරීමත් සමග 2019 මාර්තු 18 වනදා සහ වරින් වර සිදුකෙරුණු සංශෝධන මගින් පිහිටුවනු ලැබූ ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාව අහෝසි වනු ඇති.

එම කමිටුවට උපාලි විජේවිර ගේ සභාපතීත්වයෙන් යුත් කොමිසමට සාමාජිකයින් 15 දෙනෙකු ඇතුළත්.

ඵලදායී රාජ්‍ය සේවයක් ඇති කළ හැකි වැටුප් හා වේතන සහ විවිධ දිරිකාරක ඇතුළත් යෝජනාවලියක්ද හඳුන්වාදීමට රජය අපේක්ෂා කර සිටියි.


Recent Stories