Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

කොරෝනා වෛරසය වැළදී ඇතැයි සැකකළ විදේශීය ජාතිකයෙක් නිසා අද සවස බදුල්ල දුම්රිය ස්ථානයේ බියක් හා නොසන්සුන් තාවයක් ඇතිව තිබෙනවා.

මුඛ ආවරණයක් සහිතව දුම්රියේ යාමට පැමිණ සිටි මෙම මගියා කැස්ස ගතියෙන් පෙලෙමින් සැකකටයුතු ලෙස හැසීරීම නිසා බදුල්ල දුම්රිය ස්ථානාධිපති වරයා විසින් බදුල්ල මහරෝහලට මේ බව දන්වා තිබෙනවා.

බදුල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ වෛද්‍ය රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ඌව පළාත් සම්බන්ධිකාරක පාලිත රාජපක්ෂ පැමිණ මෙම විදේශිකයා පරීක්ෂා කොට පැමිණි ගිලන් රථයෙන්ම බදුල්ල මහ රෝහලට රැගෙන ගොස් ඇත.

වෛද්‍ය රාජපක්ෂ සමග තවත් වෛද්‍යවරයෙක් සහ හෙදියන් දෙදෙනෙක්ද පැමිණ ඇත.

බදුල්ල මහ රෝහලේදී කළ පරික්ෂාවකින් පසු මෙම විදේශිකයාට කොරෝනා වෛරස් ආසාදනයක් නැතැයි අනාවරණය වූ නිසා දුම්රිය පොළට කැටුව ගොස් දුම්රියට නැංවූ බවයි වාර්තා වන්නේ.