Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

News@citizen.lk
Tel: 0112810532
Tel: 0764412285

තංගල්ල, කුඩාවැල්ල ධීවර වරායට පැමිණෙමින් තිබු ධිවර බෝට්ටුවක සිටි ධිවරයින් පිරිසකට ත්‍රිකුණාමල වෙරලේ සිට නාවික සැතපුම් 180ක් පමණ දුරින් නැගෙනහිර මුහුදේ පාවෙමින් තිබු මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට හැකිව තිබෙනවා.

මෙම මත්ද්‍රව්‍ය පාර්සල් තුනක් ලෙස වන්නට ඇසුරුම් කර තිබු බවත් ඔවුන් එය කුඩාවැල්ල ධිවර වරායට රැගෙන එමෙන් පසු නාවික හමුදාව වෙත භාරදී ඇත.

නාවික හමුදාව සහ පොලිසිය එක්ව එම පාර්සල් පරීක්ෂා කිරිමේදී එහි තිබී අයිස් නම් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 03 ග්‍රෑම් 172ක් තිබී ඇත. මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 35 කට අධික බවයි පැවසෙන්නේ.

මේ සම්බන්ධයෙන් තංගල්ල පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කිරිමට නියමිතව ඇත.


Recent Stories