Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

News@citizen.lk
Tel: 0112810532

වැලන්ටයින් දිනය දා ඉන්දුනීසියාවේ ස්ථාන කිහිපයක ලැඟුම්හල් ඉලක්ක කර ගනිමින් සිදුකළ මෙහෙයුමකින් නිත්‍යානුකුල ලෙස විවාහ නොවූ තරුණ යුවලවල් 20 කට අධික පිරිසක් එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගනු ලැබූ පිරිස් අතර ජර්මන් ජාතිකයෙක් ද වනවා. පොලිසිය සඳහන් කලේ එම ජර්මානු ජාතිකයා නිත්‍යානුකුල ලෙස විවාහ නොවූ ඉන්දුනීසියානු ජාතික කාන්තාවක් සමග ලැඟුම්හලක සිටියදී අත්අඩංගුවට ගත් බවයි.

දැඩි ලෙස ෂරියා නිතිය ක්‍රියාත්මක වන රටක් වන ඉන්දුනීසියාව ගණිකා වෘත්තීය මෙන්ම නිත්‍යානුකුල නොවන ලිංගික සම්බන්ධකම් පවත්වනු ලබන අයවළුන්ට එරෙහිව දැඩිව නිතිය ක්‍රියාත්මක කරනු ලබන රටක් ලෙස ප්‍රසිද්ධියක් උසුලනවා.

අත්අඩංගුවට ගනු ලැබූ පිරිස් අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.


Recent Stories