Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

News@citizen.lk
Tel: 0112810532


ඊයේ පැවති නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදි රාජ්‍ය අමාත්‍ය එස්.බී.දිසානායක සහ ලංකා කම්කරු කොංග්‍රසය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී මුත්තු සිවලිංගම් අතර, උණුසුම් සංවාදයක් හට ගත්තා.

ඒ, නුවරඑළිය ග්‍ර‍්‍රාම නිලධාරිවරයාගේ නිල නිවසේ වසර ගණනාවක් අනවසරයෙන් රැඳී සිටින පවුලක් ඉන් ඉවත් කරන ලෙස රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කිරිම හේතුවෙන්.

අනවසර පදිංචිකරුවන් වහා ඉවත් කළ යුතු බව අමාත්‍ය එස්.බී. දිසානායක ප්‍රකාශ කළ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී මුත්තු සිවලිංගම් මෙන්ම, නුවරඑළිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඊට විරෝධය පළ කළා.

ඇති වූ උණුසුම් වචන හුවමාරුව අතරතුර, නුවරඑළිය, කොටගල, මස්කෙලිය, නොර්වුඞ් යන ප්‍රාදේශිය සභාවල සභාපතිවරුන් සහ හැටන් දික්ඔය නගර සභාවේ සභාපතිවරයා රාජ්‍ය අමාත්‍යවරයාට විරෝධය පළකර රැස්වීමෙන් ඉවත්ව ගියා.

අනතුරුව, එම ස්ථානයෙන් පිටවූ පාර්ලිමේන්තු මන්ත්‍රී මුත්තු සිවලිංගම් සුළු මොහොතකට පසු පිටව ගිය ප්‍රාදේශීය සභා සභාපතිවරුන් සමග නැවත පැමිණ, සම්බන්ධීකරණ කමිටු රැස්වීම නතර කිරිමට නියෝග කළා.

රැස්වීමෙන් අනතුරුව රාජ්‍ය අමාත්‍ය එස්.බී. දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී මුත්තු සිවලිංගම් සහ පිරිස අතර, සංවාදයක් හට ගත්තා.

Citizen ප්‍රාදේශීය වාර්තා කරු - ක්‍රිෂාන්තන්




Recent Stories