Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමත් සමග චීනයේ වූහාන් ප්‍රාන්තයේ සිට මෙරටට පැමිණ දියතලාවේ රැඳී සිටින ශ්‍රී ලංකිකයින් පිරිස අද සිය ගම්බිම් බලා පිටත්ව යන බව යුද හමුදාව පවසයි.

කොරෝනා රෝග ලක්ෂණ කිසිවක් පෙන්නුම් නොකළ ඔවුන්  දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයෙන් අකුරේගොඩ යුධ හමුදා මූලස්ථානය වෙත පිටත් වී තිබෙන බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ Citizen වෙත සඳහන් කළා.

අකුරේගොඩ යුධ හමුදා මූලස්ථානයේදී ඔවුන් යුධ හමුදාපතිවරයා ද හමුවීමට නියමිතයි.



33 දෙනෙකුගෙන් සමන්විත මෙම ශ්‍රී ලාංකිකයින් පසුගිය පළමුවැනිදා දිවයිනට රැගෙන ආවේ වූහාන් බලා ගිය ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් විශේෂ යානයකිනි.

එතැන් සිට එම පිරිස අද දක්වා වෛද්‍ය කණ්ඩායමක අධික්ෂණය යටතේ දියතලාව යුද හමුදා මූලික රෝහල යටතේ අලුතින් ඉදිකළ ගොඩනැගිලි දෙකක රඳවා සිටියා.











Recent Stories