Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

පාකිස්ථානයේ ලාහෝර් නුවරදී මුහුණ දුන් ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් තමන්ට තමන්ගේම චරිතය සහ සාරධර්ම වල වටිනාකම ඉගැන්වූ පාඩමක් වූ බව හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක සහ වත්මන් මාර්ලිබෝන් ක්‍රීඩා සමාජයේ සභාපති කුමාර් සංගක්කාර ප්‍රකාශ කර සිටිනවා.

2009 වර්ෂයේදී කුමාර් සංගක්කාර ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන් එම ත්‍රස්ත ප්‍රහාරයෙන් වසර 11කට පසු පළමු වරට ඔහු යලිත් වරක් පාකිස්ථානයේ ලාහෝර් නුවර ගඩාෆී ක්‍රීඩාංගනයට පැමිණ සිටිනවා. ඒ ඔහු නියෝජනය කරන MCC කණ්ඩායම සහ ලාහෝර් Qalandars කණ්ඩායම සමග විස්සයි 20 ක්‍රිකට් තරගයක්‌ ක්‍රීඩා කිරිමටයි.

" මේ සිදුවීම ගැන මට අමුතුවෙන් මතක් කරන්න දෙයක් නැහැ. මන්ද ඒ අවස්ථාවට අපි මුහුණ දුන්නා. කවුරු කවුරුත් තමන්ගේ හැටියට ක්‍රියා කළා. පුද්ගලික ජීවිතය මෙන්ම ක්‍රීඩාව තුල මට මගේ චරිතය ගැන වගේම වෙනත් අයගේ චරිත ගැන හා සාරධර්ම ගැන හොද අවබෝධයක් මේ තුලින් ජිවිතයට එකතු කර ගන්න අවස්ථාව ලැබුණා. ඒ අවස්ථාවේදී ලැබූ පන්නරය සහ අත්දැකීම මට ගොඩක් වැදගත් උනා. සතුටු වනවා ආපහු ලාහෝර් වලට පැමිණීමට ලැබීම ගැන. ඒ වගේම එම සිදුවීමෙන් ජිවිත අහිමිවූ සියලු දෙනා සිහිපත් කරනවා" සංගක්කාර ප්‍රකාශ කර සිටියා.

මෙවැනි අවස්ථා ගැන අපට ලාංකිකයින් වශයෙන් හොද අත්දැකීමක් තිබෙනවා. මන්ද රටේ පැවති සිවිල් යුද්ධය නිසා කම්පනයට පත්ව සිටි ජනතාවට තිබුන එක් සැනසිල්ලක් වුනේ ක්‍රිකට් ක්‍රීඩාවයි, සංගක්කාර වැඩිදුරටත් කියා සිටියා.