Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

පැතිරෙමින් යන නව කොරෝනා වෛරසය සමග අමෙරිකාව විසින් සිය හමුදාවන් වෙත විශේෂ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ මෙම කොරෝනා වෛරසය වසංගතයක් සේ සළකා කටයුතු කරන ලෙසත් සිය හමුදා කඳවුරු ඒ වෙනුවෙන් නිරන්තර අවධානයෙන් පසුවිය යුතු බවයි.

ඒ අනුව පෙබරවාරි 02 වෙනිදා සිට චීනයේ සංචාරය කරන ලද හමුදා සොල්දාදුවන් ඇත්නම් ඔවුන් ගැන වහාම සොයා බලා කටයුතු කරන ලෙසට දැනුම් දී ඇත.

මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වී මිය ගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 1489 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ආසාදිතයින් සංඛ්‍යාවද 64,241 දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

කොවිඩ් - 19 හෙවත් කොරෝනා වෛරසය ආසාදනය වූ බවට පැවසෙන තවත් පුද්ගලයින් 4,823 ක් චීනයේ හුබෙයි ප්‍රාන්තයෙන් ඊයේ දිනයේදී වාර්තා වුණා.

ගත වූ පැය 24 තුළ හුබෙයි ප්‍රාන්තයේ පමණක් පුද්ගලයින් 116 දෙනෙකු වෛරසය හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.


Recent Stories