Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

ලොව සුප්‍රකට ක්‍රිකට් තරුවක් වන ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ හිටපු නායක මයිකල් ක්ලාක් තමන් හා බිරිඳ වන කයිලි ගෙන් දික්කසාද වූ බවට නිල වශයෙන් නිවේදනය කරමින් කියා සිටිනවා.

" මෙය ඉතා බැරැරූම් තීරණයක්. අපි වසර හතක් එකට ජිවත් වුණා. පසුව සුළු කාලයක් වෙන්ව සිටියා. අවසානයේදී අපි තීරණය කළා සහයෝගයෙන් සහ අන්යෝන්‍ය අවබෝධයකින් යුතුව වෙන් වන්න" මයිකල් ක්ලාක් සහ ඔහුගේ බිරිඳ ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියා.

විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ මයිකල් ක්ලාක් විසින් සිය බිරිඳට සහ සිව් හැවිරිදි දියණිය වෙනුවෙන් වන්දි වශයෙන් ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 40ක් ලබා දීමට එකඟවී ඇති බවයි.

2015 වසරේදී මයිකල් ක්ලාක් ගේ නායකත්වයෙන් යුත් ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලෝක කුසලාන ශුරතාවය දිනා ගැනීමටද සමත්විය.


Recent Stories