Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහ මැතිවරණය සඳහා ඇස්තමේන්තු ගත වියදම රුපියල් කෝටි 600 ක් පමණ වනු ඇති බව මැතිවරණ කොමිසන් සභාව පවසනවා.

එම කොමිසමේ නිලධාරියෙක්‌ සඳහන් කර සිටියේ ඉකුත් ජනාධිපතිවරණය වෙනුවෙන් රුපියල් කෝටි 500 කට ආසන්න මුදලක් වියදම් වූ බවයි.

මේ අතර පසුගිය ජනාධිපතිවරණය සඳහා ජන්ද පත්‍රිකා මුද්‍රණය කිරිම වෙනුවෙන් මැතිවරණ කොමිසන් සභාව විසින් රජයේ මුද්‍රණාළය සඳහා ගෙවිය යුතු මුදල් ද මේ දක්වා පියවා නොමැති බව වාර්තා වනවා.

ජනාධිපතිවරණයේදී දිවයිනටම එක් ඡන්ද පත්‍රිකාවක් මුද්‍රණය කළ ද මහ මැතිවරණයකදී දිවයිනේ සියලුම දිස්ත්‍රික් වෙනුවෙන් වෙන් වෙන් වශයෙන් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරිමට සිදුවන බවත් ජනාධිපතිවරණයට සාපේක්ෂව මහ මැතිවරණයේදී මුද්‍රණ කටයුතු වෙනුවෙන් වැඩි මුදලක් වැය කිරිමට සිදුවනු ඇති බව රජයේ මුද්‍රණාලාධීපතිනී ගංගානී කල්පනා ලියනගේ සඳහන් කර සිටිනවා.