Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

ජාත්‍යන්තර පාපන්දු තරුවක් වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ඇතුළු ජාත්‍යන්තර ක්‍රීඩක ක්‍රීඩිකාවන් 06 දෙනෙකු හට එක්සත් අරාබි එමීර් රාජ්‍ය විසින් සුවිශේෂී ගෝල්ඩන් වීසා (Golden Visa) පහසුකම ලබාදී තිබෙනවා.

ලොව පුරා සිටින ජාත්‍යන්තර ක්‍රීඩකයින් සමඟ සම්බන්ධ වීමට ඩුබායි ක්‍රීඩා කවුන්සිලයේ මුල පිරිමක් ලෙස මෙම ක්‍රීඩකයින්ට ගෝල්ඩන් වීසා බලපත්‍රය ලබාදී ඇත.

මෙම ක්‍රීඩකයින්ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජීවත් වීමට හා ආයෝජනය කිරීමටද එමගින් අවස්ථාව හිමිකරදී ඇත.

ජුවෙන්ටස් ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩා කරනු ලබන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ විවේකයක් සහ පුහුණුවක් සඳහා ඩුබායි රාජ්‍යයට පැමිණ සිටිනවා.