Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

නව කොරෝනා වෛරසය වාර්තා වීමෙන් පසු එක් දිනක් තුලදී මියගිය වැඩිම පුද්ගල මරණ සංඛ්‍යාව ඊයේ දිනයේදී වාර්තා වූවා.

ඊයේ දිනයේදී චීනයේ හුබෙයි ප්‍රාන්තයේදී නව කොරෝනා වෛරසය වැළදුණු පුද්ගලයින් 242 ක් ජිවිතක්ෂයට පත්වූ බවයි විදෙස් වාර්තා සඳහන් කර සිටියේ.

කොරෝනා වෛරසය වැළදීමෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 1357 ක් වන අතර ඉන් 1355 ක් වාර්තා වන්නේ චීනයෙනි.

මේ අතර ඊයේ දිනයේදී නව කොරෝනා වෛරසය වැළදුණු පුද්ගලයින් 14,840 ක් ඊයේ දිනයේදී වාර්තා වී තිබෙනවා. ඒ සමග ලොවපුරා වාර්තා වන රෝගීන් සංඛ්‍යාව 60,015 ක් වනවා.


Recent Stories