Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

යාපනය විශ්ව විද්‍යාලයේ කිලිනොච්චිය මණ්ඩපයේ සිසුවියන්ට නවක වදය ලබාදුන් පිරිසට දඩුවම් දීමට කටයුතු කරන බවට ආවා කල්ලිය සමාජ මාධ්‍ය හරහා දැනුම්දීමක් කොට ඇති බව යාපනය ප්‍රදේශවාසීන් පවසයී.

යාපනය ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වන ආවා කල්ලිය විශ්ව විද්‍යාලයේ සිසුවියන්ට නවක වදය ලබාදුන් පිරිස වෙත දඩුවම්දීමට තම කණ්ඩායම ආරම්භ කොට ඇති බවද සඳහන් කොට ඇති බවද ප්‍රදේශවාසීන් පැවසූවා.

අදාළ සිදුවීමට සම්බන්ධ යාපනය ප්‍රදේශයේ සිසුවෙකුට පහරදීම හරහා දඩුවම් ලබාදීම ආරම්භ කළ අතර, ඉදිරි ක්‍රියාමාර්ග බලා සිටින ලෙසට ආවා කල්ලිය සිය නිවේදනයේ සඳහන් කොට තිබෙනවා.

දෙමළ ජනතාවගේ උරුමය විදහාපාන යාපනය විශ්ව විද්‍යාලය අපකීර්තියට පත් කළ අදාළ සිසුන් කණ්ඩායමට දඩුවම් ලබාදීම තම කණ්ඩායම ආරම්භ කොට ඇති බවද ආවා කල්ලිය සාමාජ මාධ්‍ය වෙත මුදාහළ නිවේදනයේ සඳහන් කොට ඇත.



Recent Stories